"පිටකොටුවේ දුම්රිය පොළ ඉස්සරහ පෝස්ටර් එකක් අතේ තියාගෙන.." - හිටපු ජනාධිපති රනිල්ව දකින්න ආසම විදිහ..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපතිවරුන්ට යම් වරප්‍රසාදයක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අයදුම්පතක් යොමුකර ඊට සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු ක්‍රමවේදයක් සකස් කරන බවයි.

මාලිමාවෙන්, අස්වැසුමට මොකද වෙන්නෙ?. දීමනාවක්.. හැමදාම දෙනව ද?. ජනපති අනුර පුදුම හිතෙන දෙයක් කියයි..

මාලිමාවෙන්, අස්වැසුමට මොකද වෙන්නෙ?. දීමනාවක්.. හැමදාම දෙනව ද?. ජනපති අනුර පුදුම හිතෙන දෙයක් කියයි..


ඒ මහතා මේ බව සඳහන් කළේ අද (08) සවස කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකී,

"ජාතික ජන බලවේග ආණ්ඩුවක් පළමු කොටම නීතියෙන්, ව්‍යවස්ථාවෙන් චක්‍රලේඛනයෙන් දීලා නැති අනීතික දේවල් සියල්ල ආපහු කැඳවුවා. එතකොට කියනවා පළිගන්නවාලු..

පළිගන්නවා නෙමෙයි. නීතියට යටත් කරනවා. නීතියෙන් තියෙන දේ ලබාදීලා තියෙනවා. අපි කමිටුවක් දාලා තියෙනවා නීතියෙන් ලබාදීලා තියෙන දේවල් ගන්නත්, නීතිය වෙනස් කරනවා ජාතික ජන බලවේග ආණ්ඩුව මතක තබාගන්න.

දැනෙන්නම?. රාජ්‍ය සේවකයින් හැමෝම බලාගෙන හිටිය දෙය.. ළඟදිම වෙන්නයි යන්නේ.. ජනපති අනුර කියයි..

දැනෙන්නම?. රාජ්‍ය සේවකයින් හැමෝම බලාගෙන හිටිය දෙය.. ළඟදිම වෙන්නයි යන්නේ.. ජනපති අනුර කියයි..


කවුරු හරි හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක් නැත්නම්, එයාට ආණ්ඩුවට ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. ඔබ අස්වැසුම ලබාගන්න මට්ටමේ ද ඉන්නේ? එහෙම නම් ගෙයක් දෙමු. හැබැයි ඇප්ලිකේෂන් එකක් පුරවලා එවන්න ඕනේ. ඕනේ ද ? ඕනේ...

මේ රටේ පුරවැසියන් මොකක් හරි ගන්න ඇප්ලිකේෂන් එකක් පුරවන්න ඕනේ. හිටපු ජනාධිපතිවරු හැමදේම ගන්නවා ඉල්ලුම්පත්‍ර දාන්නේ නැතුව...ඒ නිසා අපි ඉල්ලුම්පත්‍රයක් එවන්න කියනවා. ඉල්ලුම්පත්‍රය ගැන සලකා බලා අනුකම්පාවෙන් යුතුව යමක් දෙන්න නම්... හොඳ නැද්ද ? මේක පළිගැනීම නෙමෙයි. අපේ රටේ දේශපාලනය ප්‍රමිතියකට ගේනවා. මොනවාද හිමි දේ? මොනවාද අහිමි දේ ? එහෙම ඕනේ නැද්ද ? නමුත් අපේ රටේ දේශපාලඥයෝ කල්පනා කරනවා ඔවුන් ට මේ හැමදේම හිමියි කියලා. හැබැයි ජාතික ජන බලවේග ආණ්ඩුව දේශපාලනය ප්‍රමිතිගත කරනවා. මොනවා ද හිමි දේ හිමි නොවන හැමදේම අහෝසි කරනවා...

තව මාස කිය ද?. ලබන අවුරුද්දේ පාසල් ආරම්භ වෙනකොටම.. රජය කරන්න යන දෙය මෙන්න..

තව මාස කිය ද?. ලබන අවුරුද්දේ පාසල් ආරම්භ වෙනකොටම.. රජය කරන්න යන දෙය මෙන්න..


රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩවර්ජන කළා. මාස තුනක් විශ්වවිද්‍යාල වහලා තිබුණේ. එතැන කෝ හිටපු ජනාධිපතිතුමාගේ පඩි. දැන් කියනවා එතුමා... එයා වැඩි කළ වැටුප් දෙනකල් උද්ඝෝෂණය කරනවා ලු. මම හරි සතුටුයි හිටපු ජනාධිපති දකින්න පිටකොටුවේ දුම්රිය පොළ ඉස්සරහ පෝස්ටර් එකක් අතේ තියාගෙන ඉන්නවා. හොඳ නැද්ද ? එතුමා විසින් ලබාදෙන වැටුම් ලබාදෙනු. ඔය සටන් නොවැම්බර් 14න් පස්සේ මුකුත් නෑ."