මාලිමාවෙන්, අස්වැසුමට මොකද වෙන්නෙ?. දීමනාවක්.. හැමදාම දෙනව ද?. ජනපති අනුර පුදුම හිතෙන දෙයක් කියයි..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ආහාර මිල දී ගැනීමට පවා වත්කමක් නොමැති පවුල් සිටින්නේ නම්, එවැනි පිරිසට දේශපාලන මැදිහත්වීමකින් තොරව යම් දීමනාවක් කෙටි කාලයක් සඳහා ලබාදීමට තීරණය කළ බවයි.

දැනෙන්නම?. රාජ්‍ය සේවකයින් හැමෝම බලාගෙන හිටිය දෙය.. ළඟදිම වෙන්නයි යන්නේ.. ජනපති අනුර කියයි..

දැනෙන්නම?. රාජ්‍ය සේවකයින් හැමෝම බලාගෙන හිටිය දෙය.. ළඟදිම වෙන්නයි යන්නේ.. ජනපති අනුර කියයි..


ඒ මහතා මේ බව සඳහන් කළේ අද (08) සවස කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ය.

තව මාස කිය ද?. ලබන අවුරුද්දේ පාසල් ආරම්භ වෙනකොටම.. රජය කරන්න යන දෙය මෙන්න..

තව මාස කිය ද?. ලබන අවුරුද්දේ පාසල් ආරම්භ වෙනකොටම.. රජය කරන්න යන දෙය මෙන්න..


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙවැන්නකී,

"ඒ වගේම අස්වැසුම..අපි ඔය නම් මාරු කරන්නේ නෑ. ජනසවිය තිබුණා තව කෙනෙක් ඇවිල්ලා සමෘද්ධිය කියනවා. තව කෙනෙක් ඇවිල්ලා දිවි නැගුම කියනවා. තව කෙනෙක් අස්වැසුම කියනවා. ඒවා නිකම් තමන්ගේ නම් අපිට කොයි නම කිව්වත් කමක් නෑ අපි දැනටමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට උපදෙස් ලබාදීලා තියෙනවා. අස්වැසුම නොලැබෙන අයට නැවත අභියාචනා කරන්න පුළුවන් ඒ අභියාචනා සාධාරණ ලෙස සලකා බලා කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ආහාර ගන්න බැරි, බෙහෙත් ගන්න බැරි ඒ සෑම පවුලකට ම අපි යම් දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා. හැමදාම දෙනවද? හැමදාම නෑ. මේ රට හදලා. ආර්ථිකය හදලා. ජනතාවට ප්‍රතිලාභ එනතෙක් ඒ ජනතාව අපි බලා ගන්නවා."