අනුර වැඩි කල් යන්න කළින් වැල් පාලමෙන් වැටෙනවා… ලියලා තියාගන්න..
වත්මන් ආණ්ඩුව බෙහෙවින් කල් පවතිනු ඇතැයි නොසිතන බවත්, ඉක්මනින් ජනාධිපති අනුර දිසානායක “වැල් පාලමෙන් වැටෙනු” ඇතැයි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පවසයි.
අනුර දිසානායක එසේ 'වැටුණු' පසු, 'ලංකාව' නමැති දරුවා නැවත රනිල් වික්‍රමසිංහට භාර දීමට සිදුවන බවත් ඔහු අවධාරණය කරයි.
රනිල් වික්‍රමසිංහ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ගැන “බංකුවක් රැගෙන ටියුෂන් ගැනීමට” සිටින බවත්, ඔහුව අල්ලස් හෝ දූෂණ කොමිසමට ගෙන්වා “විහිළු කිරීමෙන්” වළකින ලෙසත් සුගීෂ්වර බණ්ඩාර ඉල්ලා සිටී.
බටලන්ද කොමිසම හෝ චාමර සම්පත් සිද්ධිය රනිල් වික්‍රමසිංහගේ 'මයිලකට' හානි කිරීමට තරම් බලයක් නැති බවත් ඔහු සඳහන් කරයි.