අදත් රිය අනතුරක් - එක් අයෙක් මරුට

By Hashini Jun 12, 2025 11:03 AM GMT
Report

ඉපලෝගම හන්දිය ආසන්නයේ වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 8දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ කල්මුනේ සිට ඉපලෝගම දක්වා ධාවනය වෙමින් තිබු වෑන් රථයක් එහි රියැදුරාට වේගය පාලනය කර ගැනිමට නොහැකිව ඉපලෝගම හන්දිය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක තාප්පයේ ගැටිමෙනි.

අභිරහස් ගුවන් අනතුරක් - 242ගෙන් කවුරුන් ගැලවුණාද

අභිරහස් ගුවන් අනතුරක් - 242ගෙන් කවුරුන් ගැලවුණාද

පොලිසිය පැවසුවේ, සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කාගම පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

අනතුරෙන් තුවාල ලැබු කාන්තාවන් තිදෙනකු සහ කුඩා දරැවකු හා තවත් පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබෙනවා. 

ලෝකයම කම්පා කරමින්...කඩන් වැටුණු යානයේ සිටි 242 දෙනාම ජීවිතක්ෂයට ?

ලෝකයම කම්පා කරමින්...කඩන් වැටුණු යානයේ සිටි 242 දෙනාම ජීවිතක්ෂයට ?