තවත් විරෝධතාවක්
නව රජය බලයට පත්වීමට පෙර වතු සේවකයන්ගේ ගැටළු විසඳා ඔවුන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමට කටයුතු කරන බව මැතිවරණ වේදිකාවල සඳහන් කළේය.
ඒ අනුව එලෙස පැවසූ ඉල්ලීම්වලට අනුව ඔවුන්ගේ වැටුප වැඩි කරන ලෙස මේ ආකාරයෙන් විරෝධතාවයක් පවත්වනු ලැබීය.
වතුසේවක ගැටළු මූලික කරගනිමින් කෑගල්ල පොදු වෙළද සංකීර්ණය ඉදිරිපිට දී අද (18) විරෝධතාවක් පැවැත්විණි.
වතු සේවක වැටුප රුපියල් 2000 ක් කර දෙන ලෙස ඔවුහු එහිදී අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. ලංකා රතු කොඩි සංගමයේ සංවිධානත්වයෙන් මෙය සංවිධානය කර තිබිණි.