කුලී රථ රියදුරන් පරිස්සමින්..බලන්නකෝ කොහොමද ඔයාටත් මෙහෙම ගමනක් සෙට් වුනොත්..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Latest Headlines
By Piyumika Feb 17, 2025 05:13 AM GMT
Piyumika

Piyumika

Report

වාහන කොල්ලකෑමකට අවශ්‍යකරන සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 10 වනදා පල්ලම ප්‍රදේශයේ කාර් රථයක් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ඉටිපන්දමක් දැල්වීමට යන විට සිදු වුනායි කී සයමස් ගබිනියගේ හදිසි මරණය සියදිවි නසා ගැනීමක්?...

ඉටිපන්දමක් දැල්වීමට යන විට සිදු වුනායි කී සයමස් ගබිනියගේ හදිසි මරණය සියදිවි නසා ගැනීමක්?...

එම සැකකරුවන් කොල්ලකන ලද කාර් රථය ද සමඟ පසුගිය 15 වනදා දඹදෙනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

එම සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත, කාර් රථ රියදුරුගේ ජංගම දුරකථනය සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු ද උස්වැටකෙයියාව ප්‍රදේශයේදී එදිනම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 24 වයස්වල පසු වන දඹදෙනිය හා උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 31 ක් වන ආඩිගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කුලී ගමනක් යන මුවාවෙන් පැමිණ රියදුරුට තියුණු ආයුධ වලින් පහරදී මෙම කාර් රථය කොල්ලකා තිබූ බව අනාවරණය වී ඇත.

12ක් රෝහලට යැවූ බිහිසුණු බස් - වෑන් අනතුර...(PHOTO)

12ක් රෝහලට යැවූ බිහිසුණු බස් - වෑන් අනතුර...(PHOTO)

මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මීගොඩ පොලිස් වසමේ දී ත්‍රීරෝද රථයක් කොල්ලකෑම හා පන්නල පොලිස් වසමේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 1,686,000 ක් වටිනා මුදල් හා දේපල කොල්ලකෑම යන අපරාධවලට අවශ්‍යකරන සැකකරුවෙකු බවට අනවාරණය වී ඇති බවද පොලීසිය පවසයි.

කොල්ලකන ලද ත්‍රීරෝද රථය පන්නල පොලිස් ස්ථානය මගින් සොයාගෙන තිබූ අතර එම ත්‍රීරෝද රථයේ අංක තහඩු සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


You may like this video

ReeCha