12ක් රෝහලට යැවූ බිහිසුණු බස් - වෑන් අනතුර...(PHOTO)

By Piyumika Feb 17, 2025 04:43 AM GMT
Report

කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන 6.10ට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි.

ඉටිපන්දමක් දැල්වීමට යන විට සිදු වුනායි කී සයමස් ගබිනියගේ හදිසි මරණය සියදිවි නසා ගැනීමක්?...

ඉටිපන්දමක් දැල්වීමට යන විට සිදු වුනායි කී සයමස් ගබිනියගේ හදිසි මරණය සියදිවි නසා ගැනීමක්?...

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් තරුණියන් 8 දෙනෙකු ඇතුළු 12 දෙනෙක් කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

පසුව ඉන් 7 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය, වැවේතැන්න, බෝපිටිය හා ඒ අවට ප්‍රාදේශවල පදිංචි කන්දකැටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන පිරිසකි.

මොනවා වෙයිද යලිත් පිරිසක් වර්ජනයක...

මොනවා වෙයිද යලිත් පිරිසක් වර්ජනයක...

පටු මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදී වාහන දෙක එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර කන්දකැටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

12ක් රෝහලට යැවූ බිහිසුණු බස් - වෑන් අනතුර...(PHOTO) | Accident Case

You may like this video