මැතිවරණ කොමිසමෙන් නැවත දැනුම්දීමක්
පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටී.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන පරිදි, එම තොරතුරු ලැබුණු විගස ඒවා පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනෙනු ඇත.
මේ අතර, පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ආදායම්-වියදම් වාර්තා භාරදී නොමැති සියලුම අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබන 27 වැනිදාට පෙර එම වාර්තා ඉදිරිපත් කළ යුතු බවත්, සභාපති ආර්.එම්.ථ.එල්. රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.