නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි

Report

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින්, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත.

උතුරු-මැද පළාතේ ස්වල්ප වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සූක්ෂමව කපටි කමෙන් වැඩේ කරගන්න - අද දවස ඔබට කොහොමද කියල බලලම ඉන්න

සූක්ෂමව කපටි කමෙන් වැඩේ කරගන්න - අද දවස ඔබට කොහොමද කියල බලලම ඉන්න

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මී. 30–40 පමණ තද සුළං හැමීමට හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

කඩුවෙල මහේස්ත්‍රාත්වරියට වුණු දේ

කඩුවෙල මහේස්ත්‍රාත්වරියට වුණු දේ