අලුත බැන්ද අම්බානි යුවල පවුල පිටින්ම පැරිස් ඔලිම්පික් උළෙලට - (VIDEO)
පසුගියදා විවාහපත් වූ ආනන්ද් අම්බානි සහ රාධිකා මර්චන්ට් 2024 පැරිස් ඔලිම්පික් තරග නැරඹීම සඳහා සහභාගී වී තිබෙනවා.
එමෙන්ම රිලයන්ස් පදනමේ සභාපතිනීවන නීටා අම්බානි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සාමාජිකාවක් නිසා ඇය ද මේ සඳහා සහභාගී වී ඇත.

ලංකාවේ අංක එකේ ධනපතියා බැසිල් රාජපක්‍ෂයි? - ධම්මික පෙරේරාටත් ණය දිය හැකියි. - එළියට ආ අලුත්ම අනාවරණය.- (VIDEO)
එමෙන්ම ඔවුන් සමග මුකේෂ් අම්බානි, ඊෂා අම්බානි සහ ආනන්ද් පිරමාල් ද සහභාගී වී තිබෙන අතර විවාහයෙන් පසු ආනන්ද් අම්බානි සහ රාධිකා මර්චන්ට් ප්‍රසිද්ධියේ දැකගත හැකිවූ පළමු අවස්ථාව මෙයවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පැරිස් ඔලිම්පික් උළෙල මේ වනවිට ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගෙන ඇති නමුත්, අම්බානි පවුලේ පැමිණීම එහිදී විශේෂයෙන් කැපී පෙනී තිබෙනවා.