නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් අයෙක් රෝහලේ..
By Piyumika
නිවිතිගල පාතකඩ ප්රදේශයේ වෙඩිතැබීමක් සිදු කර ඇති බවට වාර්තා වේ.එහිදීපොලිසිය පැවසුවේ වෙඩි වැදීමෙන් අවුරුදු 38ක් වූ දික්ඕවිට වත්ත, පාතකඩ ප්රදේශයේ පදිංචිකරුවෙක් තුවාල ලබා ඇති බවයි.
මේ වන විටත් මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
තුවාලකරු විවාහක අයෙක් වන අතර එම පුද්ගලයා පදිංචි නිවසේ මිදුලේ ඥාති පුත්රයෙක් සමග රැඳී සිටිය දී මුහුණ ආවරණය කර ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු පාගමනින් පැමිණ වෙඩි තබා පළාගොස් තිබේ.
වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුව නිවිතිගල රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.