නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් අයෙක් රෝහලේ..

Sri Lanka Police Sri Lanka Gun Shooting
By Piyumika Jun 26, 2024 07:33 AM GMT
Piyumika

Piyumika

Report

නිවිතිගල පාතකඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදු කර ඇති බවට වාර්තා වේ.එහිදීපොලිසිය පැවසුවේ වෙඩි වැදීමෙන් අවුරුදු 38ක් වූ දික්ඕවිට වත්ත, පාතකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් තුවාල ලබා ඇති බවයි.

පුතාට පදිංචි සහතිකේ නොදීමට නම් මේවා දෙන්න..අම්මාගෙන් ඉල්ලූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට ..

පුතාට පදිංචි සහතිකේ නොදීමට නම් මේවා දෙන්න..අම්මාගෙන් ඉල්ලූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට ..

මේ වන විටත් මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

තුවාලකරු විවාහක අයෙක් වන අතර එම පුද්ගලයා පදිංචි නිවසේ මිදුලේ ඥාති පුත්‍රයෙක් සමග රැඳී සිටිය දී මුහුණ ආවරණය කර ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු පාගමනින් පැමිණ වෙඩි තබා පළාගොස් තිබේ.

තවත් ක්‍රිකට් තරුවක් පිටියට සමු දේ..

තවත් ක්‍රිකට් තරුවක් පිටියට සමු දේ..

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුව නිවිතිගල රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.