පයාගල වෙරළ තීරයෙන් නාඳුනන කාන්තා මළ සිරුරක්..
By Piyumika
පයාගල වෙරළ තීරයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවූ බව පොලිසිය පැවසීය .
ඊයේ (22) උදෑසන පයාගල වෙරළ තීරයේ කාන්තාවක් වැටී සිටින බවට පයාගල පොලීසියට ලද පණිවුඩයක් ලැබී තිබුණි.
පසුව පොලීසිය අදාළ ස්ථානයට ගොස් එම කාන්තාව නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බවට වාර්තා වෙයි.
මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඇය වයස අවුරුදු 60ත් 70ත් පමණ උස අඩි 05ක පමණ වන තළෙලු සිහින් සිරුරක් හිමි කාන්තාවක් බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.