මන්නාරමේ යුධ හමුදා කඳවුරක හදිසි තත්වයක්..තත්ත්වය පාලනයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරයි..

By Piyumika Nov 18, 2024 01:36 AM GMT
Report

 මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇති බව මන්නාරම සෞඛ්‍ය අංශ පවසති.

උසස් පෙළ විභාග ශාලාවල සහකාර ශාලාධිපති ඇතුලු නිරීක්ෂණ ගුරුවරුන් සම්බන්දව තහනමක්..

උසස් පෙළ විභාග ශාලාවල සහකාර ශාලාධිපති ඇතුලු නිරීක්ෂණ ගුරුවරුන් සම්බන්දව තහනමක්..

සෞඛ්‍ය අංශ පැවැසූවේ කඳවුරේ සෙබළුන් 20 කට ආසන්න ප්‍රමාණයකට යම් උණ රෝගී තත්ත්වයක් පැතිර යමින් පවතින බවයි.

උණ රෝගයට ගොදුරු වු සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවත්, කඳවුර තුළ සිටින තවත් සෙබළුන් 500කට ආසන්න ප්‍රමාණයක් කඳවුර තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවත් මන්නාරම සෞඛ්‍ය අංශ පවසති.

බාල වයස්කාර දියණිය උසස්පෙළ පෙම්වතා සමග මහමග මුකුළු කරන සැටි දුටු පියා පෙම්වතාට කරපු දෙයක්..

බාල වයස්කාර දියණිය උසස්පෙළ පෙම්වතා සමග මහමග මුකුළු කරන සැටි දුටු පියා පෙම්වතාට කරපු දෙයක්..

පැතිර යන උණ රෝග තත්ත්වය නිශ්චිතව හඳුනාගැනීමට පරීක්ෂණාගාර වෙත යොමුකොට ඇති බවත්, දින හතරක පමණ කාලයක සිට උණ රෝගය පැතිරීම සිදුව ඇති බවත් මුලිකව අනාවරණය වී ඇති බවද සෞඛ්‍ය අංශ පැවසූහ.

යුධ හමුදා නිලධාරීන් පැවසූවේ රෝගී තත්ත්වය පාලනයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග සෞඛ්‍ය අංශ විසින් ගෙන ඇති බවයි.