සංවිධානාත්මක කල්ලියක වධකාගාරයක් සොයා ගැනේ.

Sri Lanka Police Kalutara Kalutara Incident
By Wayomi Dec 22, 2023 06:41 AM GMT
Wayomi

Wayomi

Report

නිවසක රඳවා දැත් දෙපා ගැටගසා පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දුන් සංවිධානාත්මක කල්ලික සාමාජිකයන් 7දෙනෙක් කඩු තුනක් ඇතුළු ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්කුඩු සම්බන්දයෙන් වූ මුදල් ආරවුලක් හේතුවෙන් ඔහුව එලෙස අමානුෂික ලෙස පහර දී ඇති බවට අනාවරණය වූ බවයි කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය සඳහන් කරන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කළුතර , කලමුල්ල සහ ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි 18, 20, 25, 27 සහ 28 වියේ පසු වූ පුද්ගලයන් පිරිසක්.

සංවිධානාත්මක කල්ලියක වධකාගාරයක් සොයා ගැනේ. | An Organized Gang S Torture Chamber Is Discovered

කළුතර, ලාගෝස්වත්ත ප්‍රදේශයේ වැටලීමක් සිදුකරන අතරතුර එකී නිවස වටලන විට නිවසේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු දිවගොස් ඇති බවත් , ඔවුන් ලුහුබැඳ අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කිරීමේදී දැත් දෙපා ගැටගසා ඉතා අමානුෂික ලෙස තියුණු ආයුධ සහ වෙනත් ක්‍රම මගින් විවිධ උපකරණ යොදාගෙන පහර දුන් තරුණයා බේරාගැනීමට පොලිසිය සමත් වූ බවත් සඳහන්.

අනතුරුව මෙම නිවස වැඩිදුර පරීක්ෂා කිරීමේදී තරුණයාට පහර දුන් තියුණු කඩු 3 ක් ,හඳුනා නොගත් මත්කරල්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් කිහිපයක් සහ ඇසුරුම් උපකාරණද සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

ReeCha