කලර් ලයිට් ළඟ බැහැ... යාචකයන් සම්බන්ධයෙන් මෙහෙයුමක්...!!!

Police spokesman Colombo International day against Drug abuse & Illicit Trafficking Sri Lanka Sinhala news
By Akash Apr 06, 2025 10:30 PM GMT
Akash

Akash

Report

විවිධ ස්ථානවල මෙන්ම මාර්ග හා විදුලි මාර්ග සංඥා අසල හිඟමන් යදින යාචකයන් ඉවත් කිරීමේ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසා තිබෙනවා.

මෙම යාචකයන් මෙන්ම වෙළෙඳුන්ගේ මෙම හැසිරීම නිසා නගරවල රථවාහන ගමනා ගමනයට පවා බාධා එල්ල වී තිබෙන බව පොලිසිය කියා සිටියා.

පොලිස්පතිවරයා මේ පිළිබඳව සියලුම පොලිස් ස්ථානවලට චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බව සඳහන් කර තිබෙනවා.

එම ස්ථානවල රාජකාරි කරන ඇතැම් පොලිස් නිලධාරීන් පවා යාචකයන්ගේ සහ මෙම වෙළෙඳුන්ගේ හැසිරීම් රටාව සැලකිලිමත් නොවන බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.

ඇතැම් යාචකයන් කුඩා දරුවන්ට මත්ද්‍රව්‍ය පොවා එම දරුවන් වඩාගෙන ජනතාවගේ අනුකම්පාව දිනාගැනීම සඳහා හිඟමන් යදැන බවද පොලිසිය පැවසුවා.

ReeCha