පෞද්ගලික අංශයේ වැඩකරන ඔයාට අලුත් බලාපොරොත්තුවක්..

Sajith Premadasa Sri Lanka Sri Lanka Presidential Election 2024
By Piyumika Sep 05, 2024 06:17 AM GMT
Piyumika

Piyumika

Report

පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25000 ක් දක්වා ගෙන ඒමේ රෙගුලාසි සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

දක්ෂිණ අධිවේගයේ අනතුරක් -මාර්ග සංවර්ධන අධිකාරියෙන් රියදුරන්ට දැනුම්දීමක් ..

දක්ෂිණ අධිවේගයේ අනතුරක් -මාර්ග සංවර්ධන අධිකාරියෙන් රියදුරන්ට දැනුම්දීමක් ..

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (04) ගාල්ල පැවැති ජනහමුවක් අමතමිනි.

 අප රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වය ලබා දෙන පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන අයට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් ඇති බව ඔහු කියා සිටි අතර එමෙන්ම ආර්ථික වර්ධනයට පෞද්ගලික අංශයේ දායකත්වය වැදගත් බවත් පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගේ ධනය මෙන්ම මේ සේවකයන්ද දුෂ්කරතා මැද විශාල වැඩ කොටසක් කරන බව ඔහු අවධාරණය කර සිටියේය .

ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය අනතුරේ..එන්න එන්නම වැඩි වෙන ඉන්දීය ධිවර තර්ජන..

ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය අනතුරේ..එන්න එන්නම වැඩි වෙන ඉන්දීය ධිවර තර්ජන..

ඔවුන් වැඩබිමේ කරන උදාර කර්තව්‍යය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ඇති බවත් මේ යටතේ පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25000 ක් දක්වා ගෙන ඒමේ රෙගුලාසි සකස් කරන බවත් එසේම සේවක අයිතිවාසිකම් සුරකින සේවක ප්‍රඥප්තියක් සකස් කරන බව විපක්ෂනායකවරයා කියා සිටින ලදී .

අපේ වෙලාවට පොඩි උණේ - ළගට එන කල්ම නොදැක්ක කුඩා ග්‍රහකය ..(VIDEO/PHOTO)

අපේ වෙලාවට පොඩි උණේ - ළගට එන කල්ම නොදැක්ක කුඩා ග්‍රහකය ..(VIDEO/PHOTO)

අද වන විට මේ රට ගොඩනැගීමට හොදම ප්‍රතිපත්තිය හොදම දර්ශනය සහ වැඩපිළිවෙළ ඇත්තේ සමගි ජන බලවේගයට සමගි ජන ජන සන්ධානයට බවත් දක්ෂතම හැකියාව සහිත පළපුරුද්ද කළ පුරුද්ද දැකපුරුද්ද අතදැකීම උගත්කම බුද්ධිය ඇති දක්ෂයෝ සිටින බවත් සමගි ජන බලවේග දර්ශනය තුළ මෙරට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අදහස් දැක්විය.