මට ඡන්දය දෙන්න එපා..වහාම අපේක්ෂකත්වයෙන් ඉවත් වෙමින් සමාජ මාධ්‍යයටත් වීඩියෝවක් මුදා හරි..
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදී සිටි කරුණාරත්න පරණවිතාන මහතා එම අපේක්ෂකත්වයෙන් ඉවත්වී තිබේ.
ඔහු ඉල්ලා සිටින්නේ තමන්ට ඉදිරි මැතිවරණයේදී මනාපය භාවිතා නොකරන ලෙසයි.
එතුමා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් මැතිවරණයට නාමය යෝජනා භාරදුන්නා.
හෙතෙම නිවේදනය කරන්නේ, මෙම තීරණය ගන්නා ලද්දේ තම පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ හා සමගි ජනපද වේගය අතර ඇති ගිවිසුම සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් නිසා බවත් ඊට දිස්ත්‍රික්කයේ නායකයා හෝ පාක්ෂිකයෙකු වගකිවයුතු නැති බවත්ය.
තම සමාජ ජාල ගිණුමෙන් වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.