හෙළිකොප්ටර් 03ක් එකවර රැගෙන යා හැකි ගුවන් යානයක් ලංකාවට හදිසියේම ගොඩබස්සයි..(PHOTOS)

Report

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීවල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඔවුන් සතු ‘එම්.අයි. – 17’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යෑම සඳහා, ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ‘ඇන්ටනෝව් – 124’ (Antonov – 124) ගුවන් යානයක් ඊයේ (28 දා) පස්වරු 02.45 ට කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත ගොඩබා තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වසරේ සිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරිවල නිරත වී සිටින අතර, වර්තමානයේ එහි එම්.අයි.- 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 03 ක් ද එහි සේවා සඳහා යොදා තිබෙන බවයි පැවසෙන්නේ.

හිරුණිකාට බන්ධානාගාරය තුළදී මෙතෙක් සිදු නොවූ දෙයක් සිදුවෙයි..නමත් නැති වෙයි.

හිරුණිකාට බන්ධානාගාරය තුළදී මෙතෙක් සිදු නොවූ දෙයක් සිදුවෙයි..නමත් නැති වෙයි.


මෙයින් එක් හෙලිකොප්ටර් යානයක අත්‍යවශ්‍ය ප්‍රධාන නඩත්තු කටයුත්තක් (Major Overhaul) සිදු කිරීමට ඇති නිසා, එම යානය එරටින් ඉවත් කර ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ප්‍රථම, මෙම එම්.අයි.- 17 හෙලිකොප්ටර් යානය එරට ශ්‍රී ලංකා හෙලිකොප්ටර් බලඝනය වෙත එකතු කිරීම සඳහා මෙසේ රැගෙන යෑම සිදු කිරීමට පියවර ගෙන ඇත.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මෙම ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා එරට හමුදා භට පිරිස් ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම, හදිසි වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා සහ ආහාරපාන සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගනිමින් ඇති බවයි පැවසෙන්නේ.

අද රාත්‍රී 8.00ට සිදුවීමට නියමිත විශේෂ දේ..ලංකාවත් අවධියෙන්..ලෝකයේම අවධානය යොමු වෙයි..

අද රාත්‍රී 8.00ට සිදුවීමට නියමිත විශේෂ දේ..ලංකාවත් අවධියෙන්..ලෝකයේම අවධානය යොමු වෙයි..


ඉකුත් 2014 වසරේ සිට මේ දක්වා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී කටයුතුවලින් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක මුදලක් උපයා ගෙන තිබීම ද විශේෂත්වයක්.

මෙම රුසියාවට අයත් ඇන්ටනෝව් – 124 ගුවන් යානය තුළ බංග්ලාදේශයට අයත් එම්.අයි.- 17 හෙලිකොප්ටර් යානයක් ද පටවා තිබූ අතර, එම යානය ද මෙම ගුවන් යානයෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත රැගෙන යෑමට නියමිතව ඇත.

මෙම ගුවන් යානයට මෙවැනි හෙලිකොප්ටර් යානා 03 ක් එකවර ගෙන යාමට හැකියාව ලැබීම විශේෂත්වයක්.

පාසල් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් 07ක් එක්වී කරපු භයානක වැඩේ මෙන්න..8 දෙනාම රෝහලේ..

පාසල් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් 07ක් එක්වී කරපු භයානක වැඩේ මෙන්න..8 දෙනාම රෝහලේ..


ඇන්ටනෝව් – 124 ගුවන් යානය මෙම හෙලිකොප්ටර් යානා ද රැගෙන අද (29 දා) අලුයම 05.30 ට කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව යෑමට නියමිතව තිබූ බවයි පැවසෙන්නේ.

GalleryGallery