නව ආරක්ෂක ලේකම්වරයාගේ ඩිෆෙන්ඩරය නිසා පාර්ලිමේන්තු පිවිසුම අසල තදබදයක්..(VIDEO/PHOTOS)
By Piyumika
පාර්ලිමේන්තු පිවිසුම අසල යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබු බව වාර්තා වූ අතර ඒ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම අසල මාර්ගයේ රථවාහන තදබදයක්ද දක්නට ලැබුණි .
ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය අනතුරට ලක්ව තිබුණේ, අද (25) උදෑසන 05.30ට පමණය.
රථය පැලවත්ත දෙස සිට පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ බොරැල්ල දෙසට ගමන් කරමින් සිටින අතරතුර ඩිෆෙන්ඩර් රථය දියවන්නා වගුරට වැටී ඇත.
අනතුර වන අවස්ථාවේ එහි රියදුරු පමණක් සිට ඇති අතර ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැත. පසුව යුද හමුදාවේ මැදහත් වීමෙන් රථය ගොඩ ගැනුණේ පැය දෙකකට ආසන්න කාලයකට පසුවයි. මේ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ රථවාහන තදබදයක් ඇති වුණි.