කුඩුපට්ටම් වූ අනතුරක්... අයෙක් මරුට... 20ක් රෝහලේ...

Report

අග්බෝපුර පොලිස් වසමේ කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේදී අග්බෝපුර සිට කන්තලේ දෙසට ගමන් ගත් කැබ් රථයක පිටුපස එම දිශාවටම ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් පසු ඊට ප්‍රථිවිරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක එම බස් රථය ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

අනතුරින් බස් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කුඩා දරුවන් ඇතුළු 20 දෙනෙතු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුලත් කිරීමේදී බස් රථයේ රියදුරු මියගොස් ඇති බව සඳහන්.

මරණකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. මෘත ශරීරය කන්තලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය කියා සිටියා. අග්බෝපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

යුරේනිගේ අමුතු එක...බුකියම කැළඹෙයි (PHOTOS)

යුරේනිගේ අමුතු එක...බුකියම කැළඹෙයි (PHOTOS)