නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරක් - භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙති

By Mithu Sep 24, 2025 07:29 PM GMT
Report

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 5ක් අපවත් වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බව සඳහන්.

බරපතළ තුවාල ලැබූ හිමිවරු මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත.

 මෙම අනතුරින් අපවත් වූ ස්වාමීන් වහන්සේලා අතර රුසියානු ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ කාම්බෝජ හිමිනමක් සිටින බව පොලීසිය පවසනවා.