වේදිකාවක ගී ගැයූ අම්පිටියේ හාමුදුරුවන්ගේ විදේශ ආධාර කස්සප හිමි නවතා දමයි.? - (අදාළ වීඩියෝ දර්ශන)

Sri Lanka Buddhism
By Wayomi Jul 03, 2024 04:44 AM GMT
Wayomi

Wayomi

Report

අම්පිටියේ සුමනරතන හිමියන් විසින් සාසනයට නිගා දෙමින් සිදුකල ගී ගැයීම බලංගොඩ කස්සප හිමියන් විසින් විවේචනය කර තිබෙනවා.

ගී ගැයීම බුදුසසුනේ හැඩීමක් බවත් නැටීම උමතුවක් බවයි බලංගොඩ කස්සප හිමියන් සඳහන් කළේ.

ප්‍රතිකාරවලට දවසකට ලක්ෂ 02ක්. - සම්මානනීය කලා­කරුවාට පිහිට වෙමු.

ප්‍රතිකාරවලට දවසකට ලක්ෂ 02ක්. - සම්මානනීය කලා­කරුවාට පිහිට වෙමු.


එමෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිණිස පිටරට සේවය කරන අහිංසත මිනිසුන් එවන මුදලින් මෙවන් සසුන වනසන දෑ සිදුකිරීම සිදු නොකළ යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.

ලිට්‍රෝ ගෑස් මිල යළිත් පහලට. - නව මිල ගණන් මෙන්න.

ලිට්‍රෝ ගෑස් මිල යළිත් පහලට. - නව මිල ගණන් මෙන්න.


මෙම ක්‍රියාවට මහනායක හිමිවරුන් සංඝ සභාවට කැදවා මොහුට අවවාද කර හික්මවිය යුතු බව බලංගොඩ කස්සප හිමියන් පෙන්වා දෙනවා.

එමෙන්ම සංඝනායක ධූරයක් දරන හිමිනමක් මෙලෙස හැසිරීම අනාගත භික්ෂු පරපුරට වැරදි පූර්වාදරශයක් බවත් මඩිහේ පඤ්ඤාසීහ වැනි උතුම් නාහිමිපාණන් වහන්සේලා නියෝජනය කළ ජාතිත මතවාදය රස්තියාදුකාරයන් අතට පත්වීමේ ප්‍රතිවිපාක මෙය බවත් නැවත විනයවත් ප්‍රබුද්ධ ජාතික මතවාදයක පිහිටීම සදහා තරුණ වියත් හිමිවරුන්ට පෙරමුණට පැමිණෙන ලෙසද සිහිපත් කරනු ලැබුවා. 

මෙරට කාන්තාවන්ට විශේෂ ණය යෝජනා ක්‍රමයක්. - මෙන්න දැන් ලැබුණු සුබ ආරංචිය.

මෙරට කාන්තාවන්ට විශේෂ ණය යෝජනා ක්‍රමයක්. - මෙන්න දැන් ලැබුණු සුබ ආරංචිය.