නව අමෙරිකානු ජනපති පත් වූ වහාම දැඩි තීරණයක් ගනී..
සංක්‍රමණිකයින් පැමිණීම මැඩපැවැත්වීම සඳහා අමෙරිකානු - මෙක්සිකෝ දේශසීමාවට සෙබළුන් 1,500ක් යෙදවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
ඔහු දැනුම් දී තිබෙන්නේ, සංක්‍රමණිකයන් පැමිණීම මැඩලීම සඳහා ගුවන් යානාද යොදාගන්නා ලෙසයි.
අමෙරිකානු - මෙක්සිකෝ දේශසීමාවේ අනවසර සංක්‍රමණිකයින් පැමිණීම මැඩපැවැත්වීමට අමෙරිකානු ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව ලබාදුන් ප්‍රධාන නියෝගයක් මෙය වීමද විශේෂත්වයක්.
කෙසේවෙතත් මෙක්සිකෝ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු ගැටළුවක් බවය.
You May Like This Video