අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකුණූ ජාවාරමිකරුවෙකු කොටු වෙයි..

Sri Lanka Railways Department of Railways Railways
By Aruna Jan 23, 2025 03:40 AM GMT
Aruna

Aruna

Report

මහනුවර පොලිස් වසමේ සුදුහුම්පොල ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක් සිදුකල සැකකරුවෙකු ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇත.

බද්ද ගෙවීම ගැන අධිකරණයෙන් විශේෂ තීන්දුවක් දෙයි..බදු නොගෙවන්නන්ට සිදු වන දේ මෙන්න.

බද්ද ගෙවීම ගැන අධිකරණයෙන් විශේෂ තීන්දුවක් දෙයි..බදු නොගෙවන්නන්ට සිදු වන දේ මෙන්න.


අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන සුදුහුම්පොල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අළෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන මුදල් රුපියල් 130,670ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකටිපත් විකිණීමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පතර 130ක් හා ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන තිබේ.

ජනපති අනුර රනිල්ට විශේෂ ස්තුතියක් කරයි.!!අනුරගේ ප්‍රධාන අරමුණ දැනුම්දෙයි..

ජනපති අනුර රනිල්ට විශේෂ ස්තුතියක් කරයි.!!අනුරගේ ප්‍රධාන අරමුණ දැනුම්දෙයි..


සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබිණි.

ඊට දුම්රිය දෙපාර්තමේන්තුවේද නිලධාරීන් සම්බන්ධ බවත් සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය සේවකයෙකු ඇතුළු කිහිප දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

You May Like This Video


ReeCha