බද්ද ගෙවීම ගැන අධිකරණයෙන් විශේෂ තීන්දුවක් දෙයි..බදු නොගෙවන්නන්ට සිදු වන දේ මෙන්න.
වැට් බදු මුදල් වහාම රජයට ගෙවීම, ඒවා ගෙවිය යුතු තැනැත්තන්ගේ පරම වගකීම බවත් ව්‍යවස්ථාදායකයේ අභිමතයද එය බැවින් එම මුදල් නොගෙවන තැනැත්තන්ට අධිකරණ මගින් අධික දණ්ඩන පනවා ඇති බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
මේ අනුව එකතු කළ අගය මත අය විය යුතු බදු මුදල් රුපියල් 29,479,155ක් නොගෙවීම මත දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් පැවරූ නඩුවක තීන්දුව ලබාදෙමින්, අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ බව කියා සිටියා.
මෑන් පවර් ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු මෙම සිද්ධියේ වග උත්තරකරු වන අතර අදාල බදු මුදල නොගෙවන්නේ නම් වගඋත්තරකරුට මාස හයක ලිහිල් වැඩසහිත සිර දඬුවමක් නියම කරන බවටයි විනිසුරුවරයා නියෝග කළේ.
වගඋත්තරකාර අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මාසිකව රුපියල් ලක්ෂ 3 බැගින් එම මුදල වසරක් තුළ ගෙවා අවසන් කිරීමට තම සේවාදායකයාට අවසර ලබා දෙන ලෙසය.
එය සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදුන් අතර වගඋත්තරකාර අධ්‍යක්ෂකවරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද නියෝග තිබෙනවා.
You May Like This Video