අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ තින්දුව ජනවාරි 14 වැනිදා
අරගලය පැවැති අවස්ථාවේදී නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ නඩුවේ තීන්දුව 2026 ජනවාරි 14 වැනිදා ප්‍රකාශයට පත්කරන බව ගම්පහ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනයකර තිබේ.
විත්තිකරුවන් 37 දෙනකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ තීන්දුව එලෙස ප්‍රකාශයට පත්කරන බව මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති විනිසුරු) රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙලගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළහ.
ඉකුත් 2022 මැයි මස 09 වැනිදා නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් අහංගම විතාරනලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීම සිදුවිය.
මෙම නඩුවට අදාල විත්තිකරුවන් 41 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව එක් සැකකරුවකු නිදහස් කර ඇති අතර සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාරයේදී මියගොස් තිබුණි.
සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණු අතර එහිදී විත්තියේ දේශන අවසන් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබුණි.
මෙම නඩුවේ 13 හා 31 යන විත්තිකරුවන් මියගොස් ඇති අතර 39 හා 40 යන විත්තිකරුවන් අධිකරණය මගහැර විභාගයට ඉදිරිපත් වී නොමැත. ඒ අනුව විත්තිකරුවන් 37 දෙනෙකුට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.