දරුණු අනතුරක් ගැබිනියකටත් තුවාල

Report

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ගාල්ලේ වංගුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුර සිදු වන අවස්ථාවේ දී ත්‍රිරෝද රථ දෙකෙහි කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් සිව්දෙනාම අනතුරින් බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබේ.

තුවාල ලැබුවන් අතර ගැබිනි මවක් ද සිටින අතර මෙසේ අනතුරට ලක් වී ඇත්තේ තිස්සමහාරාමය සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් බවද පොලිසිය වාර්තා කරයි. අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ඇත.

බිහිසුණු අනතුරක් වෑන් රථයක් පෙරළෙයි

බිහිසුණු අනතුරක් වෑන් රථයක් පෙරළෙයි

කුරුණෑගලට ටොනාඩෝ සුළිකුණාටුවක් - පැත්තම ඉවරයි

කුරුණෑගලට ටොනාඩෝ සුළිකුණාටුවක් - පැත්තම ඉවරයි

නාය යන තැන් 'හයිය' කරන්න රජයෙන් වැඩක් අරඹයි

නාය යන තැන් 'හයිය' කරන්න රජයෙන් වැඩක් අරඹයි