සිසුන්ට අසාත්මික තත්ත්වයක් - සිසුන් 16ක් රෝහලේ
ඇල්පිටිය පොලීසිය සදහන් කර ඇත්තේ අද(26) ඇල්පිටිය රෝහලට ඇල්පිටියේ පෞද්ගලික පාසලක සිසුන් රැසක් අසාත්මිකතාවයකට ලක්වී ඇතුලත් කළ බවයි.
මෙසේ අසාත්මිකතාවයට පත්වූ සිසු,සිසුවියන් දහසය දෙනෙකු රෝහල් ගත කළ බවත් සමේ කැසීමේ අසාත්මිකතාවයකින් මේ සිසුන් පෙලීම නිසා රෝහල් ගත කළ බවත් තොරතුරු වාර්තා වේ.
එම විදුහලේ එකම ශාලාවේ පවත්වාගෙන ගිය පන්ති තුනක සිසුන් මේ අසාත්මිකතාවයට ගොදුරුවී ඇති බවත් මේ සිසුන්ගේ සිරුරේ යම් සතෙක් හෝ විෂ ද්රව්යක් ගෑවීම නිසා මේ ආසාදනය වෙන්නට ඇති බවට සැකකරන පොලිසිය ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද පවසයි.