ඊශ්‍රායල ආර්ථිකය කඩා වැටෙන ලකුණු - දැනටමත් යුද්ධ පාඩුව බිලියන 2.9 දක්වා ඉහළට

Report

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් එරට ආර්ථිකයට සතියකට අමෙරිකානු ඩොලර් බිලියන 2.9කට වැඩි හානියක් සිදුවිය හැකි බව ඊශ්‍රායල මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, වර්තමාන "රතු" මට්ටමේ සීමාවන් (Home Front Command restrictions) යටතේ - එනම් වැඩට යාම සීමා කිරීම, පාසල් වසා දැමීම සහ රක්ෂක හමුදාවන් කැඳවීම - ආර්ථික පාඩුව සතියකට ශෙකල් බිලියන 9.4ක (ඩොලර් බිලියන 2.93ක පමණ) දක්වා ඉහළ යා හැකියි. මෙය ප්‍රධාන වශයෙන් අනෙක් සතියේ සිට ආරම්භ වන බවයි සඳහන් වන්නේ.

ඉන්දියන් සාගරයේ ඇමරිකානු පහරදීම - ඉරාන නැවට ප්‍රහාර එල්ල කිරීමේ දර්ශන එලියට

ඉන්දියන් සාගරයේ ඇමරිකානු පහරදීම - ඉරාන නැවට ප්‍රහාර එල්ල කිරීමේ දර්ශන එලියට

මෙම ගණනය කිරීම සිදු කර ඇත්තේ යුද්ධය නිසා නිෂ්පාදන ක්‍රියාවලි අඩාල වීම, ආරක්ෂක වියදම් ඉහළ යාම, ව්‍යාපාරික කටයුතුවලට එල්ල වන බාධා සහ සිවිල් ජීවිතයේ බාධක ආදිය සැලකිල්ලට ගනිමිනි.

දිගුකාලීනව මෙම ගැටුම් පවත්වාගෙන ගියහොත් ඊශ්‍රායලයේ දළ දේශීය නිෂ්පාදිතය සහ මූල්‍ය ස්ථාවරත්වයට බරපතල බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබෙනවා.

COSCO සමූහය මැදපෙරදිග නැව්ගත කිරීම් තාවකාලිකව අත්හිටුවයි

COSCO සමූහය මැදපෙරදිග නැව්ගත කිරීම් තාවකාලිකව අත්හිටුවයි

විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ නොසන්සුන් තත්ත්වය හමුවේ ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර, මෙය ගෝලීය සැපයුම් දාමවලට ද බලපෑම් එල්ල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල රජය විසින් ඉරාන යුද්ධය සඳහා මේ වසරේ ආරක්ෂක අයවැයට අමතරව ඩොලර් බිලියන 2.9ක  වැඩිදියුණු කිරීමක් සිදු කර ඇති අතර, 2026 අයවැයේ පාඩුව මුලිකව සැලසුම් කළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.9%කට වඩා ඉහළ යන බවත් ප්‍රකාශ වී තිබෙනවා.

කණගාටුදායක ආරංචියක් - ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය කල් යයි

කණගාටුදායක ආරංචියක් - ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය කල් යයි