උප්පැන්නේ ඇතුව හෝ නැතුව දරුවන්ව පාසලට ඇතුල් කරගන්න - විශේෂයෙන් 1 ශ්‍රේණිය දරුවන්
1 ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීමේදී ඇතැම් දරුවන්ට උප්පැන්න සහතිකය නොතිබීම හේතුවෙන් පාසල් වරම් අහිමි වීම දැඩි ගැටලුවක් බවට පත්ව ඇත. මේ පිලිබදව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කරන සරෝජා පෝල්රාජ් මහත්මිය විසින් දැඩි තීරණයක් ප්‍රකාශ කර ඇත.
ඇය පවසා සිටියේ,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව මගින් මෙම දරුවන්ව ලියාපදිංචි කර පුරවැසියන් ලෙස උප්පැන්න නිකුත් කිරීමේ වැඩසටහනක් ඇති බවත් එය ක්‍රියාත්මක වන තුරු මෙම දරුවන් සියලු දෙනාවම පාසලට ගත යුතු බවත්ය.
එතෙක් දරුවන්ව පාසලට ඇතුලත් කල නොහැකි බව කිසිවෙකුටවත් කීමට නොහැකි බවත් ඊට අදාළ ලිපි වහාම සකස් කොට කලාප අධ්‍යක්ෂකවරුන්ව දැනුවත් කරන ලෙසත් ඇය සදහන් කර ඇත.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ, "උප්පැන්න සහතිකේ දෙන තුරු ළමයින්ව ගන්න බෑ කියලා කාටවත් කියන්න බෑ.උප්පැන්න සහතිකේ ඇතුව හෝ නැතුව සියලු අදාල වයස් කාණ්ඩවල ළමයි පංති කාමරේ ඉන්න ඕනේ. විශේෂයෙන්ම මේ අවුරුද්දේ 1 වසරේ ළමයි ටික.උප්පැන්න සහ අනෙකුත් ලියකියවිලි කියන්නේ දෙවැනි කාරණාවක්.වෙරළබඩ කලාපෙත් උප්පැන්න නැති ළමයි ඉන්නවා.විශේෂයෙන්ම එක වසරට.දැනුත් මාස තුනක් ප්‍රමාදයි. ඒ සියලු ළමයි ඇතුල් වුණාද හොයන්න ඕනේ"
ඇයගේ ප්‍රකාශයේ සම්පුර්ණ වීඩියෝව පහතින්,
@hirunews #HiruMedia #HiruSinhalaNews #Srilanka #TruthAtAllCosts ♬ original sound - Hiru News