අරක්කු මිල අඩු කෙරේ.? - ජනපතිවරයා දැක්වූ ප්‍රතිචාරය මෙන්න.
හැකි ඉක්මනින් ගල් අරක්කු සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, ජනතාව අතර තවදුරටත් නීති විරෝධී මත්ද්‍රව්‍ය පැතිර යෑම නතර කිරීම සඳහායි.
එහිදී ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ ජනතාව නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට පෙලඹීම හේතුවෙන් පවුල් ප්‍රශ්න මෙන්ම සෞඛ්‍ය ප්‍රශ්නද ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බවයි.
ඒ, අනුව එහිදී ජනාධිපතිවරයා මෙම මත්පැන් මත පනවා ඇති බදු මුදල් ඉවත් කිරීම පිළිබඳව තමන් ඉදිරියේදී සලකා බලන බව සඳහන් කළ බවයි ආරංචි මාර්ග පවසන්නේ.