රටම හෙල්ලූ අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුව

Report

මොණරාගල, හුළංදාව ප්‍රදේශයේදී අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මොණරාගල, පොලීසිය මගින් සිදුකළ විශේෂ විමර්ශනයකදීය.

එහිදී ටී 56 වර්ගයේ ගිනි අවිය මගින් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් තවත් වෙඩික්කරුවෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ විමර්ශන අවසන් ද?

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ විමර්ශන අවසන් ද?

පසුගිය 13 වනදා අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලක මෝටර් රථයක සිටි නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩික්කරුවන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය සදහන් කරන්නේ මේ අතර අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු 80%ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවයි.

තවද ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ

රටම හෙල්ලූ අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුව | Akuregoda Double Murder Second Shooter Arrested