හැඳුනුම්පත් නොමැති සියලුම සා.පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - අයදුම් නොකෙරූ අයට විශේෂ චාන්ස් එකක්
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය සඳහා ජාතික හැඳුනුම්පත නොතිබීම කිසිසේත්ම බාධාවක් නොවන බැවින්, සියලුම අයදුම්කරුවන් එළඹෙන 23 වැනිදාට පෙර විභාගය සඳහා අයැදුම් කර අවසන් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව විශේෂ ඉල්ලීමක් කරයි.
විභාග නිවේදනයේ සඳහන් කර ඇති අදාළ උපදෙස් මාලාවට අනුකූලව මෙම අයැදුම්පත් යොමු කළ යුතු අතර, කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය නැවත දීර්ඝ නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව දැඩි ලෙස අවධාරණය කර සිටියි.
මෙම අයැදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් හෝ විභාගයට අදාළව කිසියම් පැහැදිලි කරගැනීමක් හෝ විමසීමක් අවශ්‍ය වන්නේ නම්, විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.
මීට අමතරව 0112784537, 0112786616 සහ 0112784208 යන දුරකථන අංක ඔස්සේ මෙන්ම 0112784422 ෆැක්ස් අංකය ඔස්සේ ද විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබාගැනීමේ පහසුකම් සලසා ඇත.