නිවසක කරපු වැටලීමකින් සොයා ගත්ත දේවල් නිසා පොලිසියත් පුදුම වෙලා..(PHOTOS)

Report

මාතර මාලිම්බඩ ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදන කම්හලක් වටලා රිවෝල්වර තුනක් සමග පුද්ගලයන් තිදෙනකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

ජොන්ස්ටන් කරපු අපහාස වලට ජනපති දැම්ම නඩුවට මොකද වුනේ ..

ජොන්ස්ටන් කරපු අපහාස වලට ජනපති දැම්ම නඩුවට මොකද වුනේ ..

මාතර පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් 64 හැවිරිදි ප්‍රධාන සැකකරු රන් කරුවකු වන අතර ඔහු රන් ආභරන නිෂ්පාදනය කරන මුලාවෙන් මෙම ගිනි අවි නිෂ්පාදනය කර තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

බඩඉරිඟු ආනයනය ගැන අරන් තියන අලුත්ම තීරණය..

බඩඉරිඟු ආනයනය ගැන අරන් තියන අලුත්ම තීරණය..

ඔහුගෙන් ගිනි අවි මිලදී ගත් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් සෑකකරුවන් අතර සිටින බව පොලීසිය කියයි. මිදිගම හා තොටමුණ පදිංචි ඔවුන් රුපියල් හතලිස්දහස බැගින් මුදල් ප්‍රධාන සැකකරුට ගෙවා එම ගිනි අවි මිලදී ගෙන ඇති බව කියති.

ඔවුන් ඒවා අපරාධ සදහා භාවිතා කර ඇත්ද යන්න තවදුරටත් විමර්ශනය කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

නිවසක කරපු වැටලීමකින් සොයා ගත්ත දේවල් නිසා පොලිසියත් පුදුම වෙලා..(PHOTOS) | A Matara Firearms Factory Was Raided

නිවසක කරපු වැටලීමකින් සොයා ගත්ත දේවල් නිසා පොලිසියත් පුදුම වෙලා..(PHOTOS) | A Matara Firearms Factory Was Raided