ප්‍රදේශ කිහිපයක වායු ගුණ මට්ටම වෙනස් වෙයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

Anuradhapura Colombo Polonnaruwa Latest Headlines Decision Making
By krishani Jan 27, 2025 01:36 PM GMT
krishani

krishani

Report

අද (27) නගර සහ ප්‍රදේශ 06ක වායු ගුණත්ව තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පැමිණ ඇත.

ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ය.

එම ප්‍රදේශ වන්නේ යාපනය නගරය, කොළඹ නගරය, ගාල්ල කරාපිටිය, ත්‍රිකුණාමලය නගරය, පොළොන්නරුව නගරය සහ අනුරාධපුර නගරය යි.

වායු ගුණ තත්ත්ව දර්ශකය හෙවත් SL AQI හි අගය 0ත් 50ත් අතර පැවතීම යහපත් වේ.

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

එය 51 -100 අතර පැවතිම මධ්‍යස්ථ වන අතර 101ත් - 150ත් අතර මට්ටම සුළු වශයෙන් අහිතකර වේ.

එමෙන්ම, 151 – 200 දක්වා අගය අහිතකර වේ.

අද කොළඹ නගරයේ වායු ගුණ තත්ත්වයේ අගය 100ත් – 108ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම,

යාපනය නගරය - 104ත් – 112ත් අතර

ගාල්ල කරාපිටිය - 98ත් – 106ත් අතර

ත්‍රිකුණාමලය නගරය - 104ත් – 112ත් අතර

පොළොන්නරුය නගරය - 110ත් – 118ත් අතර

අනුරාධපුර නගරය - 100ත් - 108ත් අතර පැවතිණ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙසයි.

You May Like This Video👇 

ReeCha