දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ වශයෙන් හානි සිදුවූ නිවාස 274ක් සඳහා ආධාර
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ වශයෙන් හානි සිදුවූ නිවාස 274ක් සඳහා ආධාර ලබාදීම නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරුණා.
අර්ධ වශයෙන් හානි වූ මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දුන්නා. මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 50ක් සදහා ප්‍රථම අදියර යටතේ රුපියල් ලක්ෂ 3ක් හා දෙවන අදියර යටතේ රුපියල් ලක්ෂ 2 බැගින් ලබාදීමට නියමිතයි.
මීට සමගාමීව විපතට පත් පිරිස් වෙත නොමිලේ ඇස් කන්නාඩි ලබා දීම සිදු වුණා.
මේ අතර දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් පන්නල නාලවලාන වෙල්කම් වැඩිහිටි ගම්මානයේ මිය ගිය වැඩිහිටියන් 12 දෙනෙකු හා එම ගම්මානයේ නිර්මාතෘ නෙදර්ලන්ත ජාතික හර්මන් ස්ටුවට් මහතාට පිං පැමිණවීම අරමුණු කර ගනිමින් දානමය පිංකමක් පැවැත්වුණා.
වැඩිහිටි මහ ලේකම්කාර්යාලය, සමාජ සුබසාධන අමාත්‍යාංශය හා පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වයි මෙය සංවිධාන කළේ.