Google සමාගමට උදේම සුබ ආරංචියක් - ඩොලර් ට්‍රිලියන 4 පනී

By Kaushi Jan 13, 2026 12:59 AM GMT
Report

Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම අද (12) දින ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව මේ වසරේ මෙතෙක් සිය කොටසක වටිනාකම 6% කින් ඉහළ යාම හේතුවෙන් Alphabet සමාගම මෙසේ ඉහළම මට්ටමකට ළඟා වී ඇත.

එසේම Nvidia, Microsoft සහ Apple සමාගම්වලට අනතුරුව ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගිය ලෝකයේ සිව්වන සමාගම බවට Alphabet සමාගම පත්ව තිබෙනවා.

එමෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ Alphabet සමාගමේ දැඩි හා පැහැදිලි අවධානය, එහි ව්‍යාපාරික උපායමාර්ගය පිළිබඳ තිබූ සැක සම්පන්නභාවය පහව යාමට Alphabet සමාගමේ කොටස් ඉහළ යෑම හේතු වූ බව සඳහන්.

මෙටා සමාගමෙන් දැනුම්දීමක් - මේ අයගේ ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ ත්‍රෙඩ්ස් ගිණුම් වසා දමයි

මෙටා සමාගමෙන් දැනුම්දීමක් - මේ අයගේ ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ ත්‍රෙඩ්ස් ගිණුම් වසා දමයි

එබැවින් ඉකුත් බදාදා දිනයේදී Alphabet සමාගම, 2019 වසරෙන් අනතුරුව පළමු වරට Apple සමාගම පසුකරමින් වෙළෙඳපොළ වටිනාකම අනුව ලෝකයේ දෙවන වටිනාකම වැඩිම සමාගම බවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම මට්ටම්, Alphabet සමාගම පිළිබඳ ආයෝජක විශ්වාසය විශාල වශයෙන් වෙනස් වී ඇති බවට සාක්ෂි සපයන බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

එසේම 2025 වසර තුළ Alphabet කොටස් මිල සියයට 65කින් ඉහළ ගොස් තිබෙන අතර, Wall Street හි ප්‍රමුඛ තාක්ෂණික කොටස් කණ්ඩායම වශයෙන් හැඳින්වෙන “Magnificent Seven” කණ්ඩායමේ අනෙකුත් සමාගම්වලට වඩාද එය ඉහළ කාර්යසාධනයක් වාර්තා කර ඇත.

තිරුධිරයි තාරකාවෙන් උපන් අයට අනපේක්ෂිත මූල්‍යමය වාසි එක්ක අද දවසේ සුබ ඵල රැසක්

තිරුධිරයි තාරකාවෙන් උපන් අයට අනපේක්ෂිත මූල්‍යමය වාසි එක්ක අද දවසේ සුබ ඵල රැසක්

වසර දෙකකට පසු නරකම ආරංචියක් - මහ බැංකුවෙන් නිවේදනයක්

වසර දෙකකට පසු නරකම ආරංචියක් - මහ බැංකුවෙන් නිවේදනයක්