ජනපතිගේ ජපාන සංචාරයේදී ගිවිසුම් දෙකකට අත්සන්
ජපාන නිල සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති දෙකකට අත්සන් හුවමාරු කිරීම අද (29) පස්වරුවේ සිදුකර තිබේ.
එම aඅවස්ජථාවේ දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන මෙම ගිවිසුම්, "නිල ආරක්ෂක සහය වැඩසටහන (OSA)" සහ "කිරි ක්ෂේත්‍රයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය" යටතේ අත්සන් තැබූ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ජපානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකීඕ ඉසොමාටා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.
මෙහිදී දෙරටේ දීර්ඝ කාලීන මිත්‍රත්වය මෙන්ම කලාපීය ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.