ආදානි සමග ගැහුව ගිවිසුම් වලට මොකක් වෙයි ද?. නව රජයේ තීරණය මෙන්න..
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ අදානි සමූහ ව්‍යාපාරය සමග සුළං බල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බවයි.
නමුත්, එම ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ මහතා මේ බව සදහන් කළේ අද(25) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙවැන්නකී,
"අදානි සමූහය සමග මේ වෙද්දි පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර පිළිබඳව ගිවිසුමක් තිබෙනවා. මේ වෙද්දි අධිකරණය හමුවේ නඩු පහක් තියෙනවා. ඒ නඩුවලින් එක් නඩුවක් මැයි මාසයේදී විභාගයට ගන්නත් නියමිතයි.
අපි කිසිම තීරණයක් අරන් නැහැ මේ ගිවිසුම් අහෝසි කරන්න. ඒත් ආණ්ඩුවක් විදිහට තීන්දුවක් ගත්තා ඒ ගිවිසුම් සමාලෝචනය කරන්න.
ඒකට මේ වෙද්දි කමිටුවක් පත් කරලා තියෙනවා. බලශක්ති ක්ෂේත්‍රයටත්, රටේ ජනතාවටත් වඩා උචිත වන ආකාරයෙන් මේ ගිවිසුම් ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තුව. නැතිව ඒවා අහෝසි කරන්න නෙමෙයි.
යළිත් වරක් රටේ ජනතාවට අපි පවසන්න ඕනේ ගිවිසුම් අහෝසි කරන්න තීරණයක් නැහැ. සමාලෝචනය කරන්න විතරයි ආණ්ඩුවක් හැටියට අපි තීරණය කරලා තියෙන්නේ.
කොහෙම වුණත් නඩු කටයුතු කිහිපයක් තියෙන නිසා ඒ නඩු අවසානයේ දී තමයි රජයට තීරණයක් ගන්න වෙන්නේ.."
You May Like This Video👇
