බටලන්ද වාර්තාව අධ්‍යනයට නීතිපති විසින් සිව් පුද්ගල කමිටුවක්

Report

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් සිව්දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ඇත.

මෙම කමිටුව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අතර, සාමාජිකයන් ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයනි වෑගඩපොල සහ රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි යන මහත්ම මහත්මියන් කමිටුවට පත්කර තිබේ.

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

කමිටුවට පවරා ඇති කටයුතු අතර, වාර්තාවෙහි ඇතුළත් සාක්ෂි අනුව අධිචෝදනා ගොනුකළ හැකිද යන්න පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් සිදු කිරීම, සහ කාලාවරෝධය වූ වැරදි ඇත්නම් ඒවා හඳුනා ගැනීමද ඇතුළත් වේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගිය දිනවලදී ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබීය.

UNP - SJB එකතු වෙන්න එකඟතාවයට එළඹෙයි

UNP - SJB එකතු වෙන්න එකඟතාවයට එළඹෙයි