මම මෝඩයෙක්..රූ රැජිණ විවාහ කරගන්න 760km ක් ආවට පස්සේ තමයි පෙම්වතාට වැඩේ තේරිලා තියෙන්නේ[PHOTOS]

Report

බෙල්ජියම් ජාතික 76 හැවිරිදි පුද්ගලයෙක් තමා විවාහ කරගැනීමට නියමිතව සිටි බවට විශ්වාස කළ ප්‍රංශ රූ රැජිණක් හමුවීමට කිලෝමීටර් 760ක දුරක් ගෙවා පැමිණ ඇති බව වාර්තා වේ. එහෙත් ඇයගේ නිවසට පැමිණි පසු තමන් දරුණු ප්‍රේම වංචාවක ගොදුරක් වී ඇති බව ඔහුට අවබෝධ වී ඇති බවත් සඳහන්.

මිෂෙල් නම් මෙම පුද්ගලයා 2007 වසරේ ප්‍රංශ රූ රැජිණ තරගයේ අනුශූරතාවය දිනූ සෝෆී වූසෙලෝඩ්ගේ නිවසට මෙසේ ගොස් ඇත.

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

එහිදී ඔහුව පිළිගෙන ඇත්තේ ඇයගේ සැමියා විසින් බව පවසයි.

ඒ අනුව තමන් සති කිහිපයක් පුරා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත් වංචනිකයන්ට ඒ සඳහා යුරෝ 30,000ක් (ඇමරිකානු ඩොලර් 35,000ක්) ගෙවූ බවත් ඔහු විසින් සෝෆීගේ සැමියා වන ෆේබියන් වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

එහිදී තමන් කළ මෝඩකම ගැන පසුතැවුණු මිෂෙල්, "මම මෝඩයෙක්" යැයි එම යුවළට පැවසූ බවත් සඳහන්.

කෙසේ වෙතත් මිෂෙල් මුහුණදුන් මෙම අවාසනාවන්ත සිදුවීම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එම හමුවීම සම්බන්ධ වීඩියෝවක් ෆේබියන් මඟින් අන්තර්ජාලයට මුදා හැරීමෙන් අනතුරුවයි.

මෙම බෙල්ජියම් ජාතිකයාගේ බිරිඳ වසර හතරකට පෙර මිය ගොස් ඇත. ඒ අනුව සති ගණනාවක් තිස්සේ වට්ස්ඇප් (WhatsApp) හරහා සන්නිවේදනය කර ඇත්තේ හිටපු 'මිස් ලිමොසින්' කිරුළ හිමි කරගත් සැබෑ සෝෆී වූසෙලෝඩ් සමග බවට ඔහු රැවටී ඇත.

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්

එනිසා පැරිස් නුවර සිට කිලෝමීටර් 420ක් පමණ දකුණින් පිහිටි ශාන්ත-ජුලියන් හි පිහිටි ඔවුන්ගේ නිවස වෙත ඔහු ඉකුත් ජූලි 9 වන දින පැමිණ ඇත.

එසේ ගොස් "මම සෝෆී වූසෙලෝඩ්ගේ අනාගත සැමියා" යැයි ඔහු පැවසූ බවත්, ඊට පිළිතුරු වශයෙන් ඇගේ සැබෑ සැමියා "හොඳයි, මම තමයි එයාගේ වත්මන් සැමියා" යැයි තමන් පැවසූ බවත් ෆේබියන් පවසයි.

සියල්ල අවසානයේ 38 හැවිරිදි සෝෆී ඔහුට සිදුවී ඇති වංචාව පැහැදිලි කිරීමට උත්සාහ කර තිබෙන අතර එම යුවළ පොලීසියට පැමිණිල්ලක් ගොනු කරන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත.

එහෙත් එය සිදු කළාද යන්න මෙතෙක් පැහැදිලි නැත. ප්‍රේම සම්බන්ධයක් ඇති බවට ඒත්තු ගන්වමින් යම් අපරාධකරුවෙක් මුදල් ලබාගැනීමට පුද්ගලයෙක් රැවටීමට ලක් කිරීම 'ප්‍රේම වංචාවක්' යටතට ගැනේ.

ළමයින්ට හූ කියන්න දෙන්න, සොඛ්‍යයෙන් නිවේදනයක්

ළමයින්ට හූ කියන්න දෙන්න, සොඛ්‍යයෙන් නිවේදනයක්

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery