මෙවර ලෝක කුසලානයේ පෙරළිකාර කණ්ඩායම් දෙකේ තරගය ඇරඹෙයි..

Cricket Bangladesh Cricket Team Afghanistan Cricket Team ICC Men
By Aruna Jun 25, 2024 12:43 AM GMT
Aruna

Aruna

Report

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවැත්වෙන 52 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ අවසන් තරගය වන ඇෆ්ගනිස්ථාන - බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වී තිබෙනවා.

අද සියලුම ලග්න හිමියන් මේ ගැන දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් දවසම දුක්වෙන්න වෙයි..

අද සියලුම ලග්න හිමියන් මේ ගැන දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් දවසම දුක්වෙන්න වෙයි..


ඒ අනුව, කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වී තිබේ.

එම තරගය Arnos Vale Ground, Kingstown, St Vincent හිදී පැවැත්වේ.

මේ අතර, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ(24) සමත්වුණා.

ඒ එම තරගය ලකුණු 27කින් ජය ගනිමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස් කළා.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 92ක් රැස් කළේ විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින්.

චමුදිතට සිදු වූ සිදුවීම ගැන පොලීසිය ගත් හදිසි තීරණය මෙන්න..

චමුදිතට සිදු වූ සිදුවීම ගැන පොලීසිය ගත් හදිසි තීරණය මෙන්න..


පන්දු යැවීමේදී Mitchell Starc සහ Marcus Stoinis කඩුලු 2ක බැගින් දවා ගනු ලැබීය.

ලකුණු 206ක ඉලක්කයක් හඹා යෑම ඇරඹු ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 181ක් පමණයි.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.