රසිකයින් නොයිවසිල්ලෙන් - සම වූ තරගයේ තීරණය සුපිරි පන්දුවාරයෙන්
ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගයේ ජය සුපිරි පන්දුවාරයෙන් තීරණය වන බව වාර්තා වේ.
ඒ අනුව අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ ඇරඹුණු අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබුණා.
එබැවින් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 187ක් හිමිකර ගැනීමට සමත් විය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් Quinton de Kock ලකුණු 59ක් ලබා ගත් අතර Ryan Rickelton ලකුණු 61ක් රැස්කළා.
එමෙන්ම Dewald Brevis ට ලබා ගත හැකි වියේ ලකුණු 23ක් පමණයි.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 187ක් ලබා ගැනීමට සමත් විය.
එහිදී Rahmanullah Gurbaz ලකුණු 84ක් රැස්කළා. ඒ අනුව තරගය සමවීමත් සමඟ සුපිරි පන්දුවාරය හරහා තරගයේ ජයග්‍රහණය තීරණය වන බව වාර්තා වේ.