ඇෆ්ගන් සරණාගතයින් පකිස්තානයෙන් පිට කෙරේ

By Akash Apr 04, 2025 11:46 AM GMT
Report

එක්සත් ජාතීන්ගේ සංවිධානය පාකිස්තානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින් ආපසු ඇෆ්ගනිස්ථානය වෙත යොමු කිරීමට ගෙන පාකිස්තානය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

ලේඛනගත නොකළ ඇෆ්ගන් සරණාගතයින් තබා ගැනීමේ කාලසීමාව ගෙවුණු මාර්තු 31 වන දිනෙන් අවසන් වූ බැවින් පාකිස්තානු රජය ඔවුන් ආපසු යැවීමට කටයුතු ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පකිස්තානු බලධාරීන් රට පුරා ලේඛනගත නොකළ ඇෆ්ගනිස්ථාන ජාතිකයින්ට එරෙහිව මෙහෙයුම් දියත් කර ඇති බවයි.

අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදා හැරේ

අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදා හැරේ

පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ මුලාශ්‍ර වලට අනුව ඊද් උල් ෆිතර් නිවාඩු හේතුවෙන් ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති අතරම එය අප්‍රේල් 1 වනදා ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි.

ලියාපදිංචි කල හා නොකළ ඇෆ්ගන් සරණාගතයින් මිලියන 2.1ක් පාකිස්ථානයේ රැඳී සිටින බවට එරට මාධ්‍ය විසින් නිකුත් කල දත්තයන්ගේ දැක්වෙනවා. 

බිම්ස්ටෙක් සමුළුවට අගමැතිනිය බැංකොක් යයි.

බිම්ස්ටෙක් සමුළුවට අගමැතිනිය බැංකොක් යයි.