අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදා හැරේ
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු තවත් අයෙක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.
ඒ අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධය දැක්වීමෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු අද අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට මෙම විරෝධතාවය ඉකුත් 27 වනදා පවත්වා තිබුණා.
එම විරෝධතාවයෙන් අත්අඩංගුවට ගැනුණු 25 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මීට පෙර මුදා හැර තිබුණා.