අවසර ලැබෙන්නෙ මෙන්න මේ අයට පමණයි.. උසස් පෙළ විභාගය ගැන කළ දැනුම්දීම මෙන්න..
අනිද්දා (25) සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් වේ.
ඒ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව පැවසුවේ දෙපාර්තමේන්තුවේ අද (23) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
ඒ අනුව, වැඩිදුරටත් ඔහු කියා සිටියේ, සහකාර ශාලාධිපතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට මෙවර ජංගම දුරකතන භාවිතයට අවසර හිමි නොවන බවයි.
මේ අතර, මෙවර උසස් පෙළ විභාගය ලබන 25 වනදා ආරම්භ වන අතර, එම විභාගය දෙසැම්බර් 20 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,312ක දී පැවැත්වෙනවා.
කෙසේ වෙතත්, මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 333,185ක් සුදුසුකම් ලබා සිටි.
You May Like This Video 👇
.