වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්
වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ යෝජනාවට මෙම අනුමැතිය ලබාදී ඇත්තේ ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාව විසින්.
හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු එම තනතුර මේ වනවිට දින 44ක් පුරප්පාඩුව පවතිනවා.
නව විගණකාධිපති සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කළ නමට ව්‍යවස්ථා සභාවේ එකඟතාවය හිමි නොවීය.
ඒ අනුව වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ව්‍යවස්ථා සභාව වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කළ යෝජනාව මෙලෙස අනුමැතිය හිමිවී තිබෙනවා.