නිමාවක් නැති රිය අනතුරු

Report

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ කුඩාඔය අලිමංකඩ ප්‍රදේශයේ දී අද අනතුරක් සිදුව තිබෙනවා. 

ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වී ඇත්තේ.   අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි පැදිකරු බරපතල තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇත. 

ජනප‍්‍රිය නිළියක් ගිනි අවි ජාවාරමක? ගෙවල් search කරයි

ජනප‍්‍රිය නිළියක් ගිනි අවි ජාවාරමක? ගෙවල් search කරයි

මෙම යතුරුපැදිය ලොරි රථයේ පසුපස ගැටී ඇති බවයි සඳහන් වන්නේ.   

ඊයේ දින ලංගම බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදු වූ අතර එම ස්ථානය ආසන්නයේ ම මෙම අනතුරත් සිදු වී ඇත.   

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් තණවල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.