එක ලෙඩෙක් අරන් යන එක හරි මදි කියලා මගදී තව ලෙඩෙක්ව හදා ගත්ත හැටි බලන්නකෝ..
By Piyumika
රෝගියෙකු රැගෙන යමින් සිටි ගිලන් රථයක් ටැක්ටරයක ගැටීම නිසා වූ ටැක්ටරයේ සහායකවරයා තුවාල ලබා අනෙක් රෝගියා සමගම රෝහල් ගතකර තිබෙනවා.
කිළිනොච්චියේ මුලංගාවිල් රෝහලේ සිට අසාධ්‍ය රෝගියෙකු කිළිනොච්චිය රෝහල වෙත රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
රෝගියා රැගෙන රෝහල වෙත යමින් සිටි ගිලන් රථය පරන්තන් ප්‍රදේශයේදී වී පටවා ගෙන ගිය ටැක්ටරක ගැටී තිබෙන බවයි පැවසෙන්නේ.
අනතුර හේතුවෙන් ගිලන් රථයට බලපතල හානි සිදුව ඇති අතර ගිලන් රථයේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
කිළිනොච්චිය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර කිළිනොච්චිය සෞඛ්‍ය බලධාරීන් ගිලන් රථයේ රියදුරුට එරෙහිව තවත් පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.
You may like this video